Header Ads Widget

Ad Code

QR Code නිර්මාණය කරමු.


විවිධ භාන්ඩ වල ,වෙබ් අඩවි වල නොයෙකුත් ආයතන වල තම සේවා ප්‍රචාරන කටයුතු සදහා මෙම QR Code
එහෙමත් නැත්නම් Quick Response Code යොදා ගනු ලබයි...
ඔබගේ අවශ්‍යතාවය මත ,උදාහරණ වශයෙන් ඔබ ආයතනය විසින් සපයන සේවාවක් මහජනයා අතර ප්‍රචාරනය
කිරීම සදහා,ඔබගේ වෙබ් අඩවිය පාඨකයින් අතරට යොමු කිරීම සදහා,ඔබවිසින් නිර්මානය කළ ජංගම
දුරකථන යෙදුම (Apps) ජනතාව අතරට පත් කිරීම වැනි කටයුතු සදහා මෙම QR Code දායකත්වය
දක්වයි...

අපට මෙවැනි QR Code අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා මෙන්ම නොමිලයේ ද නිර්මාණය කරගත
හැකිය...

අප මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ අන්තර්ජාලය ඔස්සේ නොමිලයේ QR Code එකක් නිර්මාණය 
කරගන්නා ආකාරයයි...

මේ සදහා පහත දැක්වෙන Link එක මගින් QR Code Generator නම් වෙබ් අඩවියට පිවිසෙන්න...


මෙම වෙබ් අඩවිය මගින් ඔබට කිසියම් url එකක් සදහා,text,vcard,sms,call,
location,event,email,wifi සදහාද QR Code නිර්මාණය කරගැනීමේ හැකියාව
පවතී...

අප මේ සදහා උදාහරණයක් වශයෙන් වෙබ් හෝ බ්ලොග් අඩවියකට QR Code එකක් නිර්මාණය
කරගන්නා ආකාරය බලමු...

මේ සදහා 1.Type යටතේ ඇති url යන Icon එක Click කරන්න...



මීළගට 2.Contents යටතේ ඇති Website Address යන්නට ඔබගේ වෙබ් හෝ බ්ලොග් 
අඩවියේ url එක ලබාදෙන්න...



url එක ලබාදුන් පසු එයට ඉදිරියෙන් ඔබගේ QR Code එක දර්ශනය වේ...

දැන් එය ඔබගේ පරිගණකයට Download කරගැනීමේ අවස්ථාව පවතී...මේ සදහා ඔබ එයට පහලින් 
ඇති Download Button එක Click කරන්න...



එමගින් පැමිණි Popup Box එකේ ඔබට කැමතිනම් QR Code එකේ Border එකද Size 
එකද වෙනස් කරගැනීමට පුලුවන...දැන් ඔබගේ QR Code එකේ PNG හෝ JPEG Image එක
Download කරගන්න...



නැතිනම් එම QR Code එක HTML Code එකක් වශයෙන් ඔබගේ වෙබ් අඩවියට ඇතුළත් කරගැනීමට
පුලුවන...මේ සදහා ඔබ Embed Button එක Click කරන්න...



එමගින් පැමිණි Popup Box එකේ පහලින් ඇති HTML Code for embedding into a 
Website යටතේ ඇති  HTML Code එක Copy කරගෙන ඔබගේ වෙබ් අඩවියට ඇතුළත් කර ගන්න...



තවද ඔබගේ QR Code එක ජනතාව අතරේ ප්‍රචලිත කරගැනීමට මෙවැනි දෑ සිදුකිරීමට පුලුවන...



මේ ආකාරයෙන් නිර්මාණය කරගත් අපගේ බ්ලොග් අඩවියේ QR Code එක පහතින් දැක්වේ...



තවත් මෙවැනි වූ තාක්ෂණික ලිපියකින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment