Header Ads Widget

Ad Code

Java සමගින් Hello World Application එක Create කිරීම හා එය Run කර බැලීම.


ජාවා හැදින්වීම , ජාවා පරිගණකයේ ස්ථාපනය කරගැනීම සහ ජාවා Path එක Set කළ අයුරු
පසුගිය පාඩම් තුළින් සාකච්ඡා කළා ඔබට මතක ඇති...

මෙවර පාඩමෙන් සාකච්ඡාවට ලක් කරනුයේ සාම්ප්‍රදායික Hello World Application
එක Create කරගන්නා ආකාරයයි... NotePad මෘදුකාංගය සහ Command 
Prompt එක මේ සදහා අවශ්‍ය වේ...මෙහිදී Command Prompt එක අවශ්‍ය වන්නේ 
Program එක තුළින් ලැබෙන Output ලබාගැනීම සදහායි...

මුලින්ම ඔබ Windows මෙහෙයුම් පද්ධතිය මගින් ලබාදී ඇති NotePad එක 
Open කරගන්න...



දැන් NotePad එක තුළ මේ ආකාරයට Type කරගන්න...

class apples{
public static void main (String [] args){
System.out.println("Hello World !");
}
}



අප දැන් ඉහතින් ඇති Code එක පැහැදිලි කර ගනිමු...

පළමු පේලිය...

අප විසින් Java Program එකක් ලිවීමේදී Program එකට class එකක් 
අවශ්‍ය වනවා...apples යනු එම class එකට ලබා දී ඇති නමයි...තවද Java Program
එකකට අඩුම තරමින් එක class එකක් වත් තිබිය යුතුමයි...ඔබට අවශ්‍ය නම් apples
වෙනුවට වෙනත් නමක් වූවද භාවිත කළ හැකියි...

දෙවැනි පේලියෙන් ලියා ඇත්තේ එම Program එකේ Main Method එකයි...එම පේලියෙ
අවසානයට ඇති String යන්නෙහි "S" Capital විය යුතුයි. මන්ද ජාවා යනු Case 
Sensitive Language එකකි...

තෙවැනි පේලියෙන් Program එකේ Output ලබා ගැනීම සදහා Statement එකක්
ලියා ඇත... System හි "S" Capital විය යුතුයි. මෙහි output එක ලෙස අප ලබා
ගැනීමට සූදානම් වන්නේ Hello World ! යන්නයි...ඔබට අවශ්‍ය නම්
Hello World ! වෙනුවට වෙනත් දෙයක් වූවත් Type කිරීමට පුලුවන්...java 
මගින් ලියන සෑම Statement එකක්ම අවසන් වනුයේ Semicolon (;) එකක්
මගිනුයි...

මුලින්ම ඔබ C Drive එක තුළ Test යනුවෙන් Folder එකක් සාදා ගන්න...

දැන් මෙය Save කරගත යුතුයි...මේ සදහා Note Pad එකේ ඉහළින් ඇති File Click
කර Save යන්න Click කරන්න...එයින් කලින් සාදාගත් Test Folder එක තුළට
පිවිසෙන්න...


File Name එකට apples.java යන්න ලබා දෙන්න...මෙහි apples යනු අපගේ
Program එකේ Class එකට ඉදිරියෙන් ඇති නාමයයි...".java" යනු File
extention එකයි...

Save as type එකට All files ලබා දෙන්න...Save Button එක Click
කරන්න...

දැන් මෙහි Output එකක් ලබාගැනීම සදහා Command Prompt එකේ Run කළ 
යුතුයි...මේ සදහා Start Button එක මත Right Click කර Run මත
Click කරන්න...දැන් එහි Cmd යනුවෙන් Type කර Ok කරන්න...


Command Prompt එක Open වේ...

මෙතැන් පටන් අප පහත රූපයත් සමග අධ්‍යනයක යෙදෙමු...


අපගේ Output එක ලබාගැනීම සදහා අපගේ Program එක ඇති ස්ථානයට ගමන් කළ යුතු
වනවා...මේ සදහා cd\ යනුවෙන් Type කර Enter කරන්න...cd යනු Change derectory 
යන්නයි...

අප කලින් සාදාගත් Test Folder එක තුළට ඇතුල් වීම සදහා cd test යනුවෙන්
Type කර Enter කරන්න...

මීළගට අපගේ Program එක Compile කළයුතු වනවා... මේ සදහා Javac යනුවෙන්
Type කර Space එකක් තබා apples.java යනුවෙන්
Type කර Enter කරන්න...දැන් ඔබගේ java file එක Compile වී අවසන්...

අපගේ Program එක Hello World ! යනුවෙන් Print කරගත යුතුයි...මේ සදහා
java apples යනුවෙන් Type කර Enter කරන්න...

දැන් එය Command Prompt එක තුළ Display වේ...

සැ.යු.
නැවත ඔබ වෙනත් යමක් Print කිරීමට උත්සහ දරන්නේ නම් එමProgram 
එක නැවත Compile කළයුතු වේ...

අපගේ Java tutorial series එකත් සමගින් දිගටම  රැදී සිටින්න...මීළග
පාඩමෙන් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment