Header Ads Widget

Ad Code

Payza Online Bank Account එකක් හදමු. - Part 2

Payza Online Bank Account එකක් හදමු...දෙවන පාඩම...


මෙහි පලමු පාඩම සදහා පහත ලින්කුව මගින් එම පාඩමට පිවිසිය හැකියි...


අපි එම පාඩමේදී Payza ගිනුමක් සාදා එම ගිනුම අපගේ  E-mail ගිනුමට
පිවිස  Payza ආයතනය මගින් එවා ඇති ඊමේලය Validate කර  Payza
ගිනුමට පිවිසූ අයුරු ඔබට මතක ඇති...

අද පාඩම සදහා පිවිසෙමු...

Payza ගිනුම නිවැරදිව සක්‍රීය වීමට සහ අන්තර්ජාලය මගින් ලැබෙන මුදල් සුරක්ෂිතව
ලබා ගැනීම සදහා තමන්ගේ Personal Details සහ තමන්ගෙ රටේ බැංකු 
ගිනුම් විස්තර මේ සදහා ලබා දිය යුතු වෙනවා...

Personal Details මෙම Payza ගිනුම සදහා ඇතුළත් කරන අන්දම අද 
විමසා බලමු...

පහත ඡායාරෑපයත් සමග අධ්‍යනය කරන්න...



1. ඔබගේ ගිනුමේ පවතින මුදල් ප්‍රමාණය බලාගත හැක...

සැ.යු. : මෙයින් ඔබට මුදල් ලැබෙනුයේ රුපියල් වලට පරිවර්ථනය වීමෙනි...(Sri Lanka)

2. මෙයින් ඔබ වෙත ලැබෙන මුදල් තරමක් විශ්ලේෂනාත්මකව බලාගත හැක...

3. ගිනුම් හිමියාගේ නම...

4. මෙය Personal Unverified ලෙස දිස් වූවද මෙය  Verified කිරීම
අවශ්‍ය නැත...

5. මීලගට Your Next Steps යටතේ දක්වා ඇති 
Complete Your Profile Setup යන්න Click කරන්න...


එවිට මෙම Window එක ඔබට දැකගත හැකි වේ...
මෙහිදී Your Industry යටතේ ඔබගේ Industry එක ද Your Job යටතේ
ඔබගේ රැකියාවද ලබා දිය යුතුය...තමුත් මම මෙහිදී උදාහරනයක් සදහා Other සහ Student
ලබා දෙන්නම්...

Save and Continue ක්ලික් කරන්න...


එයින් Personal Address Window එක වෙත පිවිසේ...මෙයට ඔබ විසින් ඔබගේ
නිවසේ නිවැරදි ලිපිනය ලබා දිය යුතුය...ලිපිනය ලබා දීමේදී Line වලට වෙන්කොට ලබාදිය
යුතුය...ලිපිනය Type කිරීමේදී තවත් Line එකක් අවශ්‍ය වූ විට පහතින් ඇති 
+add another line ක්ලික් කරන්න...

සැ.යු. : Address ලබා දීමේදී නැවතීමේ තිත සහ කොමාව වැනි සලකුණු භාවිතා
නොකරන්න...

City සදහා ඔබේ නගරයද , Region සදහා ඔබ අයත් වන පලාත නම් කරන්න...
උදා :  Western Province 

Country තමාගේ රට තෝරා ගන්න...

Postal Code සදහා ඔබ අයත් වන තැපල් කාර්යාලයේ අංකය සදහන්
කරන්න...ඔබ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නම් පමනක් 0094 සදහන්
කරන්න...හේතුව මෙම අංකය ශ්‍රී ලංකා Country Code එක වේ...
මෙයද යොදා ගත හැකිය...

Save and Continue ක්ලික් කරන්න...


මෙයට ඔබගේ  දුරකථන අංකය ලබා දෙන්න...
මෙහිදී +94 තෝරා 0 සදහන් නොකර ඉතිරි ඉලක්කම් 9 පමණක් ලබා දෙන්න...

Save and Continue ක්ලික් කරන්න...

Protect Your Account Window එක දිස්වේ...



Password Recovery යටතේ ඔබ ප්‍රශ්ණයක් තෝරා ඔබ විසින් එයට
පිළිතුරක් ලබා දිය යුතුය...

Date Of Birth යටතේ  ඔබේ උපන් දිනය තෝරන්න...

මෙහි Security Pin එක ලෙස ඔබට කැමති අංක 4ක් ලබා දෙන්න...
එය යොදනු ලබන්නේ මෙම ගිනුමේ  සුරක්ෂිතභාවය තවත් වැඩි කිරීම සදහාය...
එම අංකය ඔබ හොදින් මතක තබා ගන්න...

Save and Finish ක්ලික් කරන්න...


You've successfully setup your profile ! 
ලෙස දිස්වේ...

Payza ගිනුමට ඔබගේ Personal Details ඇතුලත් කර අවසානයි...

Take me home ක්ලික් කරන්න...

මීලග පාඩමෙන් Payza Online බැංකු ගිනුමට තමන්ගේ Sri Lanka Bank
Account එක Add කරන අන්දම කියලා දෙන්නම්...

දිගටම Cyber Teach Zone සමගින් රැදී සිටින්න...


About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment