Header Ads Widget

Ad Code

Adobe Photoshop භාවිතයෙන් Animation Banner එකක් නිර්මාණය කරගනිමු.


Adobe සමාගම විසින් පරිගණකය භාවිතයෙන් Animation නිර්මාණය කිරීම
සදහා Adobe Flash මෘදුකාංගය නිර්මාණය කර තිබුණද අප මෙහිදී Animation
Banner එකක් නිර්මාණය කිරීම සදහා යොදා ගන්නේ අප කවුරුත් හදුනන
Adobe Photoshop නම් මෘදුකාංගයයි...

සැ.යු. - මෙම ක්‍රියාකාරකම සිදුකිරීමට හැකිවන්නේ Adobe Photoshop cs6 හා
එයින් පසු සංස්කරනයන් සදහා පමණි...

ඔබ Adobe Photoshop මෘදුකාංගය මගින් Banner එකක් සදහා සුදුසු
ඔබට කැමති ප්‍රමාණයේ Images කිහිපයක් "Jpeg" මගින් Save කරගනිමින් සාදා 
ගන්න...

මම මේ සදහා භාවිතා කරන්නේ Images 5කි...
සියලුම Images එකම Size එකෙන් තිබීම වැදගත්...මම මේ සදහා 250x250 px
ප්‍රමාණයේ Images යොදා ගෙන ඇත...

මුලින්ම ඔබ Images Save කරගත් Folder එකට පිවිස මුලින්ම යොදාගැනීමට 
බලාපොරොත්තු වන Image එක Photoshop තුළට එකතුකර ගන්න...ඉන්පසුව
Photoshop තුල දකුණු පසින් ඇති Layer Pallet එකේ ඔබ මුලින්ම එකතු කළ 
Image එකට අදාළ Layer එක මත Double Click කර එන Window එක
ok කරන්න...



ඉන්පසුව ඔබ සාදාගත් අනෙකුත් Images එකින් එක කලින් එක් කරගත් Image එක
මතට Drag and Drop ආකාරයෙන් එක් කරගන්න...එක් Image එකක් එක් කර 
Enter කරන්න...



මීලගට Photoshop හි ඉහලින් ඇති Menu Bar එකේ Window යන්න Click
කර Timeline Click කරන්න...එසැනින් Photoshop හි Timeline එක දර්ශණය 
වේ...




පසුව එහි මැදට වන්නට ඇති Menu එකෙන් Create frame animation යන්න
තෝරන්න...නැවතත් Create frame animation යන්න Click කරන්න...



ඉහත රූපය පරිදි ඔබ එක් කිරීමට යන Images ප්‍රමාණයට සමාන සංඛ්‍යාවක් පෙන්වා දී ඇති 
රූපය පරිදි Icon එක Click කරන්න...



දැන් Timeline එකේ පළමු රූපය Select කර , Banner එකේ මුලින්ම 
පෙන්වීමට යන Image එකේ ඉදිරියෙන් ඇති ඇසේ ලකුණ තිබෙන්නට හැර අනෙකුත්
Images වල ඇසක ලකුණ මත Click කර ඒවා Hide කරන්න...



දැන් එහි දෙවන රූපයද ඉහත ආකාරයට Select කර , Banner එකේ දෙවනුව 
පෙන්වීමට යන Image එකේ ඉදිරියෙන් ඇති ඇසේ ලකුණ තිබෙන්නට හැර අනෙකුත්
Images වල ඇසක ලකුණ මත Click කර ඒවා Hide කරන්න...



මේ ආකාරයට ඔබගේ අනෙකුත් Images වලටද ඒ ආකාරයටම සිදු කරන්න...

දැන් Timeline එකට ඇඩ් වී ඇති Images වලට පහළින් තිබෙන 0 sec මත
Click කර ඔබ එක් Image එකක් පෙන්වීමට අදාළ කාලය තත්පර වලින් තෝරන්න...



ඔබගේ අනෙකුත් Images සදහාද මේ ආකාරයටම තත්පර වලින් Select කරන්න...

දැන් එම Images සියල්ල Animate වීම සදහා පහතින් ඇති Once මත 
Click කර Forever Click කරන්න...




දැන් මෙය Save කරගත යුතුයි...මේ සදහා Menu Bar එකෙන් File ගොස්
Save for web යන්න තෝරන්න...




එහිදී ලැබෙන Window එකෙන් පහත රූපය පරිදි දකුණු පස ඇති Option වලින්
GIF යන්න තෝරා Color යන්නෙන් 256 තෝරා Dither එක 100%  කරන්න...




දැන් පහළින් ඇති Save Button එක Click කර  ඔබට අවශ්‍ය තැනකට Save
කරගන්න...

දැන් එය Save කරගත් ස්ථානයට ගොස් එය Web Browser එක මගින් Open
කර බලන්න...



තවත් මෙවැනි වූ Photoshop පාඩමකින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment