Header Ads Widget

Ad Code

Java පරිගනක භාෂාව තුළදී Arithmetic operators භාවිතය.


අප මෙම Java පාඩම තුළින් සාකච්ඡා කරනුයේ Operators පාඩම යටතේ එන
Arithmetic Operators භාවිතා කරන ආකාරයයි...ප්‍රධාන වශයෙන්
Operators 5ක් මෙම පාඩම තුළින් සාකච්ඡාවට ලක් කිරීමට සිදුවේ... ඒවා නම්

Addition(+)
Subtraction(-)
Multiplication(*)
Division(/)
Modulus(%) යන්නයි...

මීළගට අප මෙම Addition(+) Operator එක ජාවා තුළදී  භාවිතා කරනුයේ
කෙසේද කියා බලමු...මෙය තේරුම් ගැනීම සදහා පහතින් ඇති Source Code එක
දෙස බලන්න...

class apples{
public static void main (String[]args){
int x=10;
int y=20;

System.out.println(x+y);
}
}

මෙහිදී අප int යන Data type එකෙන් x යනුවෙන් Variable එකක්
සාදා එහි Value එක 10 ට සමාන කර ඇත...int y=20; යන්නත් එසේමය...
පසුව එය System.out.println යන Statement එක භාවිතයෙන් 
x සහ y යගලය එකට එකතු කර ඇත...

මෙහි Output එක පහත ආකාරයෙන් ලැබේ...



දෙවනුව අප Substraction Operator එක ජාවා තුළදී භාවිතා කරනුයේ
කෙසේද කියා බලමු...

class apples{
public static void main (String[]args){
int x=100;
int y=30;

System.out.println(x-y);
}
}

මෙය සිදුවනුයේත් ඉහත Operator එක භාවිතා කළ ආකාරයෙන්මය...
මෙහි Output එක මෙලෙසය...



ඉන්පසු අප යොමුවන්නේ Multiplication Operator එක වෙතටයි...

අප ගණිතයේදී සාමාන්‍ය ආකාරයෙන් ගුණකිරීමකදී "x" යන සංකේතය භාවිතා 
කළත් ජාවා තුළදී භාවිතා වන්නේ " * " යන සංකේතයයි...අප 20 , 5න් ගුණකර 
Output එක ලබා ගන්නා ආකාරය බලමු...

class apples{
public static void main (String[]args){
int x=20;
int y=5;

System.out.println(x*y);
}
}

Output එක මෙසේය...



Division operator එකෙහි සංකේතය වන්නේ "/" යන්නයි...
උදාහරණයන් වශයෙන්...

class apples{
public static void main (String[]args){
int x=100;
int y=5;

System.out.println(x/y);
}
}

මෙහි Output එක 20 ලැබේ...



මෙහි අවසාන operator එක වශයෙන් අප යොමුවන්නේ Modulus operator එක
වෙතටයි...මෙයින් සිදුවන්නේ කිසියම් සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් බෙදූවිට එහි
ඉතිරිය පිළිතුර ලෙස ලබා ගැනීමයි...මෙහි Modulus සදහා වන සංකේතය වන්නේ
(%) යන්නයි...

class apples{
public static void main (String[]args){
int x=8;
int y=3;

System.out.println(x%y);
}
}



මෙහි 8 , 3න් බෙදූවිට ඉතිරිය ලෙස 2 ලැබේ...

මීළග පාඩමෙන් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment