Header Ads Widget

Ad Code

HTML Web පිටුවක් තුළ Font භාවිතා කරන ආකාරය.


Html පිළිබද ලියවුනු පෙර පාඩමේදී අප සාකච්ඡා කළේ විවිධ Tags භාවිතා කරන ආකාරයයි...
අප මෙම පාඩම තුළින් සාකච්ඡාවට ලක් කරන්නේ HTML Web පිටුවක් තුළ Font භාවිතා
කරන ආකාරයයි...ඔබ නිතර අන්තර්ජාලය පරිහරනය කරන්නෙක් නම් ඔබ වෙබ් අඩවියකට 
පිවිසුන පසු එම වෙබ් අඩවියේ විවිධ අකුරු විවිධ ආකාරයෙන් Style කර ඇති ආකාරයන්
ඔබ දැක ඇත...එසේ අකුරු Style කරගන්නේ කෙසේද යන්න මෙම පාඩම තුළින් 
විමසා බලමු...

පළමුව යම් අකුරු පෙළකට විවිධ අකුරු වර්ගයන් යොදන ආකාරය බලමු...  

මේ සදහා <font> Tag එක සමග face යන ඇට්‍රිබියුට් එක බාවිතා කල යුතුය...එය 
සිදුකරගන්නා ආකාරය දැනගැනීමට පහත කෝඩ් කොටස අධ්‍යනය කරන්න...

<html>
<head>
<Title>Font Style</title>
</head>
<body>
<p><font face="Arial">Cyber Teach Zone</font><p>
</body>
</html>

මෙහි Output එක මේ ආකාරයෙන් ලැබේ...



ඉහත කෝඩ් කොටසේ Arial යන්න වෙනුවට ඔබට අවශ්‍ය ආකාරයේ  font එකක්
ලබා දීමට පුලුවන...උදා-: Calibri,Georgia තවද Cyber Teach Zone
වෙනුවට ඔබට අවශ්‍ය වචන පෙළක් බාවිතා කරන්න...

මීළගට අකුරු වල Size වෙනස් කරගන්නා ආකාරය බලමු...

මේ සදහා <font> Tag එක සමග Size යන ඇට්‍රිබියුට් එක බාවිතා කල යුතුය...එය 
සිදුකරගන්නා ආකාරය දැනගැනීමට පහත කෝඩ් කොටස අධ්‍යනය කරන්න...

<html>
<head>
<Title>Font Size</title>
</head>
<body>
<p><font face="Georgia" size="5">Cyber Teach Zone</font><p>
</body>
</html>

මෙහි සදහන් 5 වෙනුවට ඔබට අවශ්‍ය Size එකකට වෙනස් කරගැනීමට පුලුවන...
මෙහි Output එක මෙලෙසින් ලැබේ...



මීළගට අප කිසියම් වචන පෙළක නැතහොත් අකුරු පෙළක Colour එක වෙනස් කරගන්නා
ආකාරය බලමු...

මේ සදහා <font> Tag එක සමග Color යන ඇට්‍රිබියුට් එක බාවිතා වේ...මේ සදහා පහත
කෝඩ් කොටස දෙස බලන්න...

<html>
<head>
<Title>Font Color</title>
</head>
<body>
<p><font face="Georgia" size="5" color="red">Cyber Teach Zone</font><p>
</body>
</html>

මෙහි Output එක මෙසේය...





මෙම කෝඩ් කොටසේ red යන්න වෙනුවට වෙනත් වර්ණයක් බාවිතා කිරීමට පුලුවන...
නමුත් මෙහි  red යන වචනය Type කිරීම එතරම් යෝග්‍ය නොවේ...මෙම වර්ණ 
සදහා වඩාත් සුදුසු වන්නේ මෙම වර්ණ සදහා අදාල  hexadecimal අගය Type කිරීමයි...

පහත දැක්වෙන්නේ යම් යම් වර්ණ වලට අදාල hexadecimal අගයන්ය...

රතු - #FF0000
නිල් - #0000FF
කොළ - #00FF00
කහ - #FFFF00
දම් - #FF00FF

පහත කෝඩ් කොටසෙන් දැක්වෙන්නේ අදාල වර්ණයන් සදහා hexadecimal අගයන්
ලබා දී ඇති ආකාරයයි...

<html>
<head>
<Title>Font Color</title>
</head>
<body>
<p><font face="Georgia" size="5" color="#FF0000">Cyber Teach Zone</font><p>
<p><font face="Georgia" size="5" color="#0000FF">Cyber Teach Zone</font><p>
<p><font face="Georgia" size="5" color="#00FF00">Cyber Teach Zone</font><p>
<p><font face="Georgia" size="5" color="#FFFF00">Cyber Teach Zone</font><p>
<p><font face="Georgia" size="5" color="#FF00FF">Cyber Teach Zone</font><p>
</body>
</html>

මෙහි Output එක මෙසේය...


තවත් html පාඩමක් තුලින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment