Header Ads Widget

Ad Code

Animate වන GIF Banners නිර්මාණය කරගනිමු.


ඔබටත් වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තිබේ නම් ඔබ එය අලංකාරවත්ව තබාගැනීමට
මහත් වෙහෙසක් දරනවා ඇති...ඒ අතර ඔබ විවිධ Images යොදමින් ඔබ එය
තවත් අලංකාරවත් කරගන්නවා ඇති...එම Images , Animation එකක් 
ආකාරයට GIF Images වශයෙන් අඩවියට ඇතුළත් කරනවානම් තවත් අපූරුයි නේද?

Animation එකක් ආකාරයට GIF Images නිර්මාණය කරගන්නා ආකාරය
මෙම පාඩම තුළින් සාකච්ඡා කරමු...

මුලින්ම ඔබ වඩාත් හොදින් හදුනන Adobe Photoshop භාවිතයෙන් එක සමාන
දිගින් සහ පළලින් (Width , Height)යුතු ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් 
Images කිහිපයක් නිර්මාණය කරගන්න...

දැන් එම Images , Rename කර දිස්විය යුතු පිළිවෙල අනූව අංක යොදන්න...

දැන් පහතින් දක්වා ඇති වෙබ් අඩවියට පිවිසෙන්න...




එම වෙබ් අඩවියට පිවිස Choose Files යන Button එක Click කර
පෙරදී නිර්මාණය කරගත් Images Select කරගන්න.දැන් එය Uplode කරන්න...



දැන් එය ඉහත ආකාරයට දිස්වේ...

Delay එක ඔබට කැමති ආකාරයට වෙනස් කරගන්න...එයින් Images දිස්වන 
Speed එක වෙනස් වේ...

දැන් Animate it Button එක click කරන්න...

දැන් එහි preview එක ඔබට දැක ගැනීමට පුලුවන්...



දැන් ඊට පහළින් ඇති Save යන Button එක Click කර පරිගනකයට 
Download කර වෙබ් , බ්ලොග් අඩවි සදහා ඇතුළත් කර ගන්න...

එය මේ ආකාරයට දිස්වේ...

Image and video hosting by TinyPic

තවත් පාඩමකින් නැවත හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

5 Comments:

  1. මේක ගොඩක් වටිනවා..ස්තුතී ඔබට, මේ බ්ලොග් එකේ තියෙන සමහර ඇඩ් නිසා එකවර අවශ්‍ය පිටුවට යන්න අපහසුයි. ඒ ගැන බලන්න..

    ReplyDelete
  2. සේව් කරපු ෆයිල් එක ඇනිමේට් වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔයා ඒ Save කරගත්ත GIF Image එක web browser එකක් මගින් Open කරන්න.

      Delete
  3. වැඩේ හරි, ස්තුතී ගොඩක්...සිංහල බ්ලොග්ගල...

    ReplyDelete