Header Ads Widget

Ad Code

HTML වෙබ් පිටුවක් තුළ විවිධ Tags භාවිතා කරන ආකාරය.


HTML පිළිබද ලියවෙන දෙවන පාඩම තුළින් අප සාකච්ඡාවට ලක් කරන්නේ වෙබ් පිටුවක් තුළ 
අපට නිරන්තරයෙන් භාවිතා කිරීමට සිදුවන Tags පිළිබදවයි...ඒවා නම් 
<p> Tags 
<h> Tags
<strong> Tags
<em> Tags
<br/> Tags

<p> Tags

මුලින්ම අප <p> Tag එක භාවිතා කරන ආකාරය බලමු...මෙහි p යනුවෙන් අදහස් වන්නේ 
Paragraph යන්නයි...වෙබ් පිටුවක් තුළ Paragraph එකක් ආරම්භ කිරීම සදහා 
<p> Tag එක භාවිතා කරයි...මෙම  <p> Tag එක භාවිතා කරන ආකාරය දැන 
ගැනීමට පහත කොඩ් එක දෙස බලන්න...

<html>
<head>
<Title>P Tags</Title>
</head>
<body>
<p>This is a First Paragraph.</p>
<p>This is a Second Paragraph.</p>
<p>This is a Third Paragraph.</p>
</body>
</html>

මෙහි This is a First Paragraph. යන්න ඔබට අවශ්‍ය ආකාරයෙන් වෙනස්
කර ගැනීමට පුලුවන්...මෙහි <p> ටැග් එකෙන් ආරම්බ කළ This is a First Paragraph.
යන ඡේදය </p> ටැග් එකෙන් අවසන් කර තිබේ...මෙහිදී මීළග ඡේදය ආරම්භ කිරීම සදහා
ඉහත ආකාරයෙන්ම <p> ටැග් එකක් Open කරගත යුතුය...මෙමගින් සැකසූ කෝඩ් කොටස
Web Browser එක තුළ දිස්වන්නේ මේ ආකාරයටයි...

<h> Tags

මෙහි <h> යනු heading යන්නයි...මෙම ටැග් එක වෙබ් පිටුවක් තුළ බාවිතා කරන්නේ විවිධ
මාතෘකා යෙදීම සදහායි...මෙහි <h> Tag එක බාවිතා කර යොදන  headings ප්‍රමාණ
6කින් යෙදීමට පුලුවන්...එම ප්‍රමාණ 6 තේරුම් ගැනීම සදහා පහත කොඩ් කොටස අධ්‍යනය
කරන්න...

<html>
<head>
<Title>h Tags</Title>
</head>
<body>
<h1>This is a h1 heading.</h1>
<h2>This is a h2 heading.</h2>
<h3>This is a h3 heading.</h3>
<h4>This is a h4 heading.</h4>
<h5>This is a h5 heading.</h5>
<h6>This is a h6 heading.</h6>
</body>
</html>

එය Web Browser එක තුළ දිස්වන ආකාරය...



මෙහි h1 වලින් ආරම්බ කළ heading එක h6 වන විට තරමින් කුඩා වන ආකාරය පෙනේ...

<strong> Tags

මෙම <strong> Tag බාවිතා කරමින් යොදන වචන කොටස් තරමක් Blod කරගැනීමට
හැකියාවක් ලැබේ...උදාහරනක් ලෙස පහත කොඩ් කොටස බලන්න...

<html>
<head>
<Title>strong Tags</Title>
</head>
<body>
www.<strong>cyberteachzone.blogspot</strong>.com
</body>
</html>

Web Browser එක තුළ දිස්වන ආකාරය...

මෙහි <strong> යන Tag එක වෙනුවට <b> Tag එක ද බාවිතා කිරීමට පුලුවන්...

<em> Tags

මෙම ටැග් එක බාවිතයෙන් අපට ඇල අකුරු ලබා ගැනීමට පුලුවන්...

<html>
<head>
<Title>em Tags</Title>
</head>
<body>
<em>Cyber Teach Zone</em>
</body>
</html>

<br/> Tags

මෙය අපට නිරන්තරයෙන් යෙදීමට අවශ්‍ය වන සහ වැදගත් වන Tag එකකි...මෙය අප වෙබ්
පිටුවක් තුළ පේළි වෙන් කිරීමට යොදාගන්නා ටැග් එකයි...

<html>
<head>
<Title>em Tags</Title>
</head>
<body>
<p>Cyber <br/>Teach Zone</p>
</body>
</html>

ඉහත දැක්වෙන ආකාරයට Cyber යන්නට පසුව <br/> ටැග් එක යොදා ඇති නිසා 
Teach Zone යන්න අලුත් පේළියකින් ආරම්බ වී ඇත...

මීළග පාඩමෙන් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment