Header Ads Widget

Ad Code

Java පරිගනක භාෂාවේ Variables හදුනා ගැනීම සහ Variables Create කිරීම.


අපගේ පළමු Java Tutorial එකේදි අපගේ පළමු Java Program එක
වන Hello World Application එක Create කලා ඔබට මතක
ඇති...එම ලිපියට පහත ලින්කුව ආධාරයෙන් පිවිසෙන්න...


මේ Tutorial එකේදි  Variables නැතහොත් විචලයයන් හදුනා 
ගැනීම සහ Variables ගොඩනගා ගන්නේ කෙසේදැයි පැහැදිලි කර ගනිමු...

Variable එකක් යනු අප විසින් Program එකක භාවිතා කරන
සමහර Values පරිගනකයේ Memory එකේ නැතහොත් RAM එකේ
ගබඩා කරගැනීමට අවශ්‍ය වන අවස්ථා වලදී Variables
Create කිරීමට සිදුවනවා...Values Store කර ගැනීම සිදුවන්නේ
Variable එකක් හරහාය...


ඉහතින් දක්වා ඇති උදාහරනයේ int යනු Data Type එකයි...අප මෙම int
සහ Data Types පිළිබද වෙනමම Tutorial එකකින් පැහැදිලි කරගනිමු...
එයට ඉදිරියෙන් x යනුවෙන් සදහන් වන්නේ Variable Name එකයි...
මෙහි සදහන් x යන Variable Name එක වෙනුවට වෙනත් අක්ෂරයක්
වූවද භාවිතා කළ හැකියි...මෙහි දැක්වෙන x හි Value එක 10 ට සමාන
කර ඇත...අවසානයේදී එම Statement එක ( ; ) මගින් අවසන් කර ඇත...

අප මෙම x නම් Variable එකේ අගය Output එකක් ලෙස
Command Prompt එකේ Print කර ගනිමු...

සැ.යු. මෙම පාඩම සාර්ථකව වටහා ගැනීම සදහා පෙර ඉගැන්වූ පාඩම අධ්‍යනය
කිරීම වැදගත් වේ...

මුලින්ම පහත සදහන් Code කොටස Notepad තුළ Type කරගන්න...

class variables
{
                                                 public static void main(String[]args)
{
int x = 10;
                       System.out.print(x);
}
}


මෙය Save කරගන්න...දැන් මෙහි Output එක මෙලෙසින් ලැබේ...


තවද මෙහි වෙනත් variables භාවිතා කර System.out.println 
මගින් ඔබට අවශ්‍ය වාර ගණනක් Statement Print කරගැනීමේ
හැකියාව ඇත...

උදා:-

class variables
{
                                                  public static void main(String[]args)
{
int x = 10;
int y = 20;
int z = 30;

System.out.println(x);
System.out.println(y);
System.out.println(z);
}
}


මෙය Save කර Compile කර Run කළ විට Output එක මෙලෙසින් ලැබේ...


මීළග පාඩමෙන් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment