Header Ads Widget

Ad Code

Real Hacker කෙනෙක් වෙන්න හරියටම ඉගෙන ගමු.


මොකක්ද මේ Hack කරනව කියන්නෙ?  ඕනිම කෙනෙකුට Hack කරන්න පුලුවන්ද?
Hacking ගැන සාකච්ඡා කරද්දී මෙවැනි ප්‍රශ්ණ ඔබටත් මතු වනවා ඇති...


අපි මුලින්ම බලමු මොකක්ද මේ Hack කරනව කියන්නෙ කියල...Hack කරනව කියන්නෙ
යම්කිසි පරිගණනයකට , නැතහොත් පරිගනක පද්ධතියකට , වෙබ් අඩවියකට අනවසරයෙන්
ඇතුලු වී එහි ඇති දත්ත සොරාගෙන , දත්ත විකෘති කර දත්ත වලට හානි කිරීම යන ක්‍රියාවලියන්
සිදුකිරීමයි...

ඕනිම කෙනෙකුට Hack කරන්න පුලුවන්ද?

ඔව්...ඕනිම කෙනෙකුට Hack කරන්න පුලුවන්...නමුත් එක් පරිගනක භාෂාවක් පිලිබදවත්
මනා දැනුමක් අවශ්‍ය වනවා...මේ සදහා java,C,C++,Python වැනි පරිගනක භාෂාවන්
පිළිබද අවධානය යොමු කිරීම වඩාත් වැදගත්...

කොහොමද Hack කරන්නෙ?

මේ පිළිබදව සාකච්ඡා කලහොත් එය තරමක් පුලුල් ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා...නමුත් මම
ඔබට තරමක් කෙටියෙන් පැහැදිලි කරන්නම්...

මේ සදහා මම ඉහතින් සදහන් කළ පරිදි ඔබ විසින් යම් පරිගනක භාෂාවක් හැදෑරිය යුතු වෙනවා...
ඒ ඔස්සේ කුමන හෝ පද්ධතියක් තමන්ගේ භාරයට ගතහැකි...මෙය දිනෙන් දෙකෙන් කළ හැකි
කාර්යක් නොවේ...මේ සදහා තරමක් දුරට වෙහෙසිය යුතු වෙනවා...විශාල කැපකිරීමක් කිරීමට
සිදුවෙනවා...

උදාහරණයක් ලෙස ඔබ පරිගනකයක් Hack කිරීමට උත්සහ දරන්නේ නම් ඔබ විසින් පරිගනකය
පිළිබද නිරන්තරයෙන් තොරතුරු එක්රැස් කිරීමට සිදුවනවා...පසුව එහි කුමන හෝ දුර්වලතාවයක්
වටහා ගත යුතුය...(එය පරිගනක මෙහෙයුම් පද්ධතියේ විය හැකිය.) පසුව ඒ ඔස්සේ තමන්ගේ
කටයුතු ආරම්බ කළ හැකියි...එම දුර්වලතාවය මත ඔබ විසින් පරිගනක වැඩසටහනක් නිපදවා ඒ හරහා
පරිගනකය හෝ පරිගනක පද්ධතිය Hack කිරීමේ හැකියාව පවතී...


මා විසින් මෙම ලිපිය ලියන්නේ Hacking පාඩම් මාලාව සදහා ප්‍රවිෂ්ඨයක් වශයෙනි...

Hacking පාඩම් මාලාවේ තවත් ලිපියකින් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

4 Comments: